අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා වෙයි…
2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් පවසයි.
විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගත් බව අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වනදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දින පැවැත්වෙන බවත් සඳහන් කර සිටි අමාත්‍යවරයා, අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්විමට නියමිත බව සඳහන් කළේය.
එවැනි පසුබිමක් තුළ ළමුන්ට දීර්ඝ නිවාඩුවක් ලබා දිය නොහැකි බවත් විභාග සඳහා පිළියෙල වීමට අවශ්‍ය කාලය ලබා දීමට අගෝස්තු පාසල් නිවාඩුව කෙටි කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
උපුටා ගැනීම: විජය පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)