අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීමට ‘ප්රඥාබන්දු’ ශිෂ්‍යත්ව අරමුදල…
සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක “ප්රඥාබන්දු” ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පෙරේදා (16) සිදු කෙරිණි.
ඇමැති, බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා “ප්රඥාබන්දු” ශිෂ්‍යත්ව අරමුදල ක්‍රියාත්මක විණි.
“ප්රඥාබන්දු” ශිෂ්‍යත්ව භාරයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අත්සන් තැබූහ.
අනතුරුව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් “ප්රඥාබන්දු” ශිෂ්‍යත්ව භාරය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පිරිනැමුවේය.
වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා රුපියල් මිලියන 10ක මුදලක් යොදා “ප්රඥාබන්දු” ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කැර ඇත. ඒ මහතාගේ ජන්ම දිනයට (16) සමඟාමීව මෙම ශිෂ්‍යත්ව අරමුදල සමාරම්භ කිරීම විශේෂත්වයකි.
පෞද්ගලිකව ඕනෑම අයකුට දායක වියහැකි මෙම අරමුදලට සමාරම්භක අවස්ථාවේ දීම පෞද්ගලික ආයතන සහ දානපතීන්ගෙන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලැබී තිබේ. මෙම අරමුදලේ සමාරම්භයට වැඩම කළ මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
පහ වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන්ට හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා රජයෙන් ශිෂ්‍යාධාර මුදලක් ලබා දෙනවා. නමුත් දැනට උසස්පෙළ හදාරන සිසු දරුවන් වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දී නැහැ. ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම වැනි කාලීන අවශ්‍යතා මෙම අරමුදලින් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාව තුළ පවත්නා විරැකියාවට විසඳුමක් වශයෙන් ආරම්භ කරන ලද උසස් පෙළ තාක්ෂණවේදය විෂය හදාරන සිසු දරුවන් වෙනුවෙන්ද මෙම “ප්රඥාබන්දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල සහයෝගය ලබා දෙනවා. .
මීට වසර 46කට පෙර මා විසින් විශ්වවිද්‍යාල ශිෂ්යකයෙකු වශයෙන් රචනා කරන ලද පළමු පොත වන ‘ආර්ථික විද්‍යවේ ප්රකීර්ණ විසඳුම්’ ග්රන්ථයෙහි මා විසින් මෙසේ සඳහන් කොට තිබෙනවා.’ශ්‍රී ලංකාවේ රැකියා ප්රශ්නයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දැනට රැකියාවක් නොමැතිව සිටින අයගෙන් 25%කට වඩා වැඩි පිරිසක් අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්වූවන් වීමයි. නිදහස් අධ්‍යාපනය මඟින් බිහිකරන උගතුන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සුදුස්සන් නොවන බවයි. පවත්නා රැකියා වලට නිසි උගතුන් නොමැති වීමත් සිටින උගතුන්ට නිසි රැකියා නොමැති වීමෙනුත් වහාම අධ්‍යාපන ප්රතිසංවිධානයක් අවශ්‍ය බව පැහැදිලි වේ’. තත්ත්වය එසේ තිබියදී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මා ලද අධ්‍යාපන අැමැති ධූර කාල සීමාවේදී මෙම විරැකියාවට විසඳුමක් වශයෙන් අපි තාක්ෂණ විෂය ධාරාව උසස් පෙළට හඳුන්වා දුන්නා.
ඒ අනුව මෙම නව වෙනස සඳහා විවිධ බාධා, අවහිරතා ඇති වුවත් එවකට මුදල් අැමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඊට මූල් ප්‍රතිපාදන ලබා දී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ලබා දුන් සහයෝගය හේතුවෙන් අද වන විට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර, විශ්වවිද්‍යාලවල නව තාක්ෂණ පීඨ බිහි වී තිබෙනවා. මේ හේතුවෙන් අද දින රුපියල් ලක්ෂ සියයකින් ආරම්භ කරනු ලබන මෙම ශිෂ්‍යත්ව අරමුදලින් දහස් ගණනක් වූ තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසු දරුවන්ගේ ඉදිරි අනාගතය වඩාත් වැඩදායී කරමින්, තම උපන් බිමටත්, නූපන් පරම්පරාවට තවදුරටත් සේවයක් සලසන, උපන්බිම පෝෂණය කරන, තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට ගෞරවයක් වන, රටට අභිමානයක් හා ලොවට සම්පතක් වන දරුවන් බිහි කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේශ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්, විද්වතුන්, විශ්වවිද්‍යාලවල ආදි විද්‍යාර්ථයන්, අමාත්‍යාංශ නිලධාරින් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)