අඩු ආදායම්ලාභීන්ට රජයේ රැකියා ලක්ෂය කඩිනමින්…
අයැදුම්පත් භාරගැනීම පෙබරවාරි 15 දක්වා
‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබේ.
අයැදුම්කරුවන් විසින් ජනවාරි 20 වනදා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයැදුම්පත් ග්‍රාම නිලධාරීවරයා සහතික කර තම ප්‍රාදේශිය ලේකම්වරයාට පෙබරවාරි 15 වන දිනට පෙර භාරදිය යුතුය.
ග්‍රාම නිලධාරි විසින් තොරතුරු සහතික කර වසමට අයත් ප්‍රාදේශීය ලේකම් වෙත පෙබරවාරී (20) වන දිනට පෙර භාර දිය යුතුය. ග්‍රාම නිලධාරි විසින් තොරතුරු තහවුරු කරගැනීමේ දී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජක පක්ෂයෙන්, කොට්ඨාසය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකිය.
වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුලු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත් ය. ප්‍රාදේශීය ලේකම්වරුන් වරින් වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් “රැකියා කළ හැකි දිළිඳුම පවුල්වලට මුල්තැන” ලැබෙන පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මකවීම සහතික කිරිමට කටයුතු කළ යුතුය.
ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරීන් වෙතින් ලැබෙන තොරතුරු/අයැදුම්පත් මනා ලෙස ලේඛනගත කිරීම පෙබරවාරී (25) වන දින වන විට සම්පූර්ණ කළ යුතුවේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදි හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවල දී තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය විසින් පෙබරවාරි 26 වන දා සිට දින පහක් තුළ පවත්වනු ලැබේ.
අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරි සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කළයුතුය.
තෝරාගත් අයැදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරි මගින් ලබා දෙනු ඇත. පුහුණුවීම් මාර්තු (02) දින ඇරඹේ. පුහුණු කාලය තුළ මසකට රු 22,500ක දීමනාවක් ගෙවනු ලැබේ.මනා පුහුණුලාභීන් ඔක්තෝබර් (01) දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථීර සේවකයින් ලෙස පත් කෙරේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් සුවිශේෂී ශ්‍රම සංචිතයක් නිර්මාණය කරනු ඇත. වෘත්තීයවේදීන් විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රම සංචිතය, අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත හා අඩු ආදායම්ලාභී ගණයෙහිලා සැලකෙන පිරිස විවිධ නිපුණතාවන්ගෙන් සමන්විත පිරිසක් බවට පත්කර රජයේ මෙන්ම රජයේ නොවන බහුවිධ සේවා සපයන්නන් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙකී පිරිසට අයත් වනුයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) ට පහළ අධ්‍යපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර කාණ්ඩයේ රැකියා විරහිත තැනැත්තන් පමණි. බඳවා ගනු ලබන සාමාජිකයන්ට වෘත්තීය පුහුණුවක් දීමෙන් අනතුරුව සේවයෙහි ස්ථීර කරනු ලැබේ. සේවා නියුක්තිකයන්ට ස්වකීය පවුල් දිවියෙන් දුරස්ථ වීමක් සිදු නොවන පිරිදි පදිංචි පෙදෙස් වලට නුදුරෙන්ම පිහිටි සේවා ස්ථානයන්හි රාජකාරී පවරනු ඇත. ඔවුන්ගේ සතුටුදායක සේවය හා විනය මෙන්ම, ඉහළ කාර්යසාධනය ද සැලකිල්ලට ගනිමින් පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබේ.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)