අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය – 2021 අයදුම් පත්‍ර කැඳවීමේ දින දීර්ඝ කිරීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය – 2020 සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම…
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල ප්‍රමාණයක් නැවත අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසන ලෙසට සිදු කරන ලද ඉල්ලීම් හේතුවෙන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2021.11.10 දින සිට 2021.11.20 දින දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම(Mobile App) “DoE”වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වේ.
උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු වේ. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ. ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.
තට ද, 2020 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ සෞන්දර්යය විෂයයන් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2021.12.01 දින සිට 2021.12.11 දින දක්වා පැවැත්වීමට ද කටයුතු සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)