අධ්‍යාපනයට රූපවාහිනී නාලිකා 20ක් ඇරඹීමට යයි…

කොවිඩ් තත්ත්වය හමුවේ පාසල් වසා තිබෙන අවස්ථාවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දරුවන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් වූ රූපවාහිනි නාලිකා 20 ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා නාලිකා 13ක් ද පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක් ද ආරම්භ කිරීමට නියමිත බව ඒ මහතා කීය.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්රදානෝත්සවයකදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව අනාවරණය කළේය. කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ ළමයින් 185 දෙනකු සඳහා මෙහිදී ශිෂ්‍යත්ව ප්රදානය කෙරිණි.
සමෘද්ධි සෞභාග්‍යා වැඩසටහනට සමගාමීව උසස් පෙළ දරුවන් සඳහා එක් අයකුට මසකට රුපියල් 1500.00 බැගින් වසර දෙකක කාලයක් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම මේ යටතේ සිදු කෙරෙයි. ඒ අනුව එම දරුවන් සඳහා මාස 10ක මූල්‍යාධාර වශයෙන් රුපියල් 15000.00 බැගින් එකවර ලබාදීම සිදු කෙරුණි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් 2775000.00ක මුදලක් බැංකුගතකොට ලබාදීමට සැළසුම්කර තිබේ.
පවතින ගෝලීය වසංගත තත්ත්වය තවත් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැකි බවත් ඒ තුළ ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩනොදී පවත්වාගෙන යාම රජයේ වගකීම බවත් කී ඒ මහතා අධ්‍යාපනය කඩා වැටීම යනු රටක කොඳු නාරටිය කඩා වැටීමක් බව ද අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ
නිහාල් ජයවර්ධන
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)