අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයෑමට රජය ගත් ක්‍රියාමාර්ග යුනිසෙෆ් සංවිධානයේ පැසසුමට…
කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ මෙරට දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග යුනිසෙෆ් සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.
කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ දකුණු ආසියානු රටවල අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සිදුකැරුණු අධ්‍යයන 3ක් එළිදැක්වීම වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ මෙහෙයවීමෙන් ඉකුත්දා පැවැති කලාපීය සම්මන්ත්‍රණයේදී, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන අන්දම පිළිබඳ ඉතා ඉහළින් ඇගයීමට ලක්වූ බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා දිනමිණට පැවසීය.
කොවිඩ් හමුවේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන ආකාරය දැක ගැනීමට අවශ්‍ය නම් ලෝකයේ දියුණු රටවල් දෙස නොව ශ්‍රී ලංකාව දෙස බලන්නැයි යන පණිවුඩය මෙහිදී ලබා දුන් බවද ඒ මහතා කීය.
කොවිඩ් වසංගතය පැතිර යාමට පටන් ගැනීමත් සමඟ පාසල් වැසී යාම, අන්තර්ජාල පහසුකම් භාවිත කිරීමට ඇති හැකියාව ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව ආචාර්ය උපාලි සේදර මහතා පැවසීය. කොවිඩ් හමුවේ වුවද විටන් විට හෝ පාසල් විවෘත කර පවත්වා ගෙන යාමට සමත්වූ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවට මෙහිදී විශේෂයෙන් සඳහන් කැරුණු බවද ඒ මහතා සඳහන් කළේය. බංග්ලාදේයේ පාසල් වසා දැමීමෙන් පසු මේ දක්වා විවෘත කිරීමට කටයුතු කර නොමැති බවද ඒ මහතා කීය.
පාකිස්ථානයේ අන්තර්ජාලය භාවිත කිරීම 17%ක් වැනි අගයක පවතින බව කී ඒ මහතා, කුමන විවේචන පැවතියද අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපරිමයෙන් ඔන්ලයින් භාවිත කර ඇති කලාපීය රට වන්නේ ශ්‍රී ලංකාව බවද පෙන්වා දුන්නේය.
පාසල් වසා දැමීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම ඇතිව මෙන්ම, එසේ නැතිවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මැදිහත්වීමෙන් මාර්ගගත (ඔන්ලයින්) සහ මාර්ගගත නොවන (ඕෆ්ලයින්) යන ක්‍රමවේද දෙකම යොදා ගෙන ගම්බද හා ඈත පිටිසර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා පවත්වා ගෙන යාමට කටයුතු කර තිබූ බවත් ආචාර්ය උපාලි සේදර මහතා කීය.
විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් වෙනුවෙන් පාසල් විෂය මාලාව අනුව සම්පාදනය කැරුණු ‘ගුරු ගෙදර’ හා ‘රේඩියෝ ගුරු ගෙදර ‘ වැනි අධ්‍යාපන වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරන එකම රට ලෙස ශ්‍රී ලංකාව මේ සම්මන්ත්‍රණයේදී ඇගයීමට ලක්වූ බවද ඒ මහතා පැවසීය. රජයේ අනුග්‍රහය යටතේ මෙවැනි අධ්‍යාපන වැඩසටහන් වෙනත් කිසිදු රටක ක්‍රියාත්මක වී නොමැති බවත් ඒ මහතා පැවසීය. මීට අමතරව, මෙරට බොහෝ ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී වට්ස් ඇප් හරහා සිසුන් සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යමින් අවශ්‍ය පාඩම් මාලා ලබා දීමට ගුරුවරුන් කටයුතු කර තිබූ බවද කීය.
කලාපීය රටවල මෙවැනි ඉගැන්වීම් සිදුකර තිබෙන්නේ බොහෝ විට ජාත්‍යන්තර පාසල් හෝ පෞද්ගලික පාසල්වල පමණක් බව මෙහිදී හෙළිවූ බවද ඒ මහතා පැවසීය. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා මවුපියන්ට ඇති උනන්දුව සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ අගයක පවතින බවද ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කළේය.
කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සිදුවන අන්දම පිළිබඳ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි උපදේශක කණ්ඩායමක් අධ්‍යයනයක යෙදුණු බවද ඒ මහතා පැවසීය. ආචාර්ය උපාලි සේදර මහතා මේ සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසියේදී මෙන්ම, සැසිවාරය අවසානයේ ද අදහස් දක්වා තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව යුනිසෙෆ් වෙබ් අඩවිය ද සඳහන් කර තිබේ. ලෝකයේ බොහෝ රටවල දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමිවී ඇති මොහොතක ශ්‍රී ලංකාව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද, විවිධ මාර්ගගත ක්‍රමවේද මේ සඳහා යොදා ගැනීම ද ප්‍රශංසනීය බව එම සංවිධානය ප්‍රකාශ කර තිබේ. යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බ්‍රැග්හැම් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වැඩපිළිවෙළට තම ආයතනය පූර්ණ සහාය පළ කරන බවයි.
සිතාරා සේනානි,
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)