අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පත් සාධාරණ ව සෑම පාසලකට ම බෙදා දීමට කටයුතු කරනවා- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්…
උතුරු-දකුණ, නැගෙනහිර-බටහිර ආදී කිසිදු වෙනසකින් තොර ව අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පත් පාසල්වලට බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා යාපනයේ සිදුකළ සංචාරය අතරතුර යාපනය රදගුරුතුමා සමඟ රදගුරු නිල නිවසේ දී සිදුකළ සාකච්ඡාවක දී ය.
යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රගාසන් හිමියන් මතුකළ කරුණු ද සලකා බලමින් ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ වනවිට අපේ රජය උතුරු-නැගෙනහිර විසඳියයුතු සහ මැදිහත්විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය යන අංශ හඳුනාගෙන තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රයන්ට සුවිශේෂිත වැඩසටහන් සහ සැලසුම් මේ වනවිටත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. අපි වාද විවාද මත විරසක නොවී මේ වැඩසටහන්වල ප්‍රතිඵල ලබා ගැනීමට උත්සුක වියයුතුයි කියා මා හිතනවා. විශේෂයෙන් ම මේ පළාත්වල දූ දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම ඉතා වැදගත්. දකුණේ පාසල්වල මේ වනවිට දෙමළ භාෂාව ඉගැන්වීම ඉතා සාර්ථක ලෙස කෙරීගෙන යනවා. ඒවගේ ම උතුරු සහ දකුණේ පාසල් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගෙන යාම අතිශයින් ම වැදගත් වෙනවා. සිංහල ඉගෙන ගැනීමට මේ පළාත්වල දරුවන්ගේත් තිබෙන්නේ ඉහළ උනන්දුවක්. මෙහි ප්‍රධාන ගැටලුව වී තිබෙන ගුරු හිඟය පිරවීම සඳහා අමාත්‍යංශ මට්ටමින් අවශ්‍ය සියලු පියවර ගන්නට පෙරොන්දු වෙනවා” යනුවෙන් ද පැවසී ය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)