අධ්‍යාපන ඇමතිගෙන් විදුහල්පති බඳවා ගැනීම් පිළිබඳ නිවේදනයක්…
දේශපාලන හිතවත්කම් හෝ වෙනත් බලපෑම් මත අධ්‍යාපන පරිපාලන සහ විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට හෝ ඊට අදාළ නම් ලැයිස්තු සැකසීමට කිසිසේත් ම කටයුතු නොකරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 29 දින පැවති ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පරිපාලන තනතුරු සඳහා දේශපාලන හිතවත්කම් මත ලැයිස්තු සැකසීමට හෝ සැකසීමට උපදෙස් දිමක් සිදු නොවූ බවය
පුද්ගලයන් තනතුරු වලට බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණ මත සිදු කරන බවද සම්මුඛ පරීක්ෂණ වලට පෙර ලැයිස්තු සෑදීමක් තම ආණ්ඩුවේ නොමැති බව පැවැසීය.
දේශපාලන මැදිහත්වීම් මත දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමක් දැන් සිදුවන්නේ නැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගී විය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)