අධ්‍යාපන ගමන්, චාරිකා හා විනෝද ගමන් තහනම්…
අධ්‍යාපන ගමන්, චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් 18 සිට ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරිමට රජය පියවර ගෙන තිබේ.
රජය විසින් 17 දිනයේ සිට 19 දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙස බවයි. එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම්වනු ඇත.
කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව 18 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම මාධ්‍ය හමුවට එක් වෙමින් නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන ලද්දේ පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් ලෙස මාර්ග බාධක ශ්‍රී ලංකාව පුරාම යොදවා ඇති බවත් යම් අයෙක් විනෝද චාරිකා යන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය. දිවයින පුරා පිහිටි 499 ක් වන පොලිස් ස්ථාන සියල්ල වෙත මෙම දැනුම් දීම සිදු කර ඇත.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)