අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2020 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
සාමාන්‍ය පෙළ විභාගය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 දෙසැම්බර් මාසයේදීය.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2021 මාර්තු 01 දිනට දින නියම කරන තුරු කිහිප වතාවක්ම කල් දැමිණි.
දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන 4,513 කදී සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 622,300 කට වැඩි පිරිසක් මුහුණ දුන්හ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423,746 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 198,606 ක් පෙනී සිටියහ.
සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික විභාග පැවැත්වීමට බාධා ඇතිවීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)