අභියෝගාත්මක වාතාවරණක් යටතේ පැවති උසස්පෙළ විභාගය සාර්ථකව අවසන්
කොවිඩ් වසංගතයේ දෙවන ව්‍යාප්තියත් සමග රට තුළ මතු වූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින් පැවති අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අදින් අවසන් වුණා. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, ග‍්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, උසස් ගණිතය යන විෂයයන් අද පැවැත්වුණු අතර ඒ සදහා සිසුන් 35,000 කට ආසන්න පිරිසක් පෙනී සිටි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. මධ්‍යස්ථාන 2,648 කදී පැවති මෙවර උසස්පෙළ විභාගයට සිසුන් තුන්ලක්ෂ 62,284 දෙනෙකු පෙනී සිටියා.
මෙවර උසස්පෙළ විභාගය ආරම්භ වන අවස්ථාව වනවිට සිසුන් 09 දෙනෙකු නිරෝධායනය වන අතරතුර විභාගයට පෙනී සිටි අතර ක‍්‍රම – ක‍්‍රමයෙන් නිරෝධායනය වන සිසුන් සංඛ්‍යාව 568 ක් දක්වා ඉහළ ගියා. කොවිඞ් ආසාදිත සිසුන් 27 දෙනෙකු අයි ඞී එච් රෝහලේදී විභාගයට පෙනී සිටියා.
පනාගොඩ යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලැබූ එක් සිසුවෙක් සහ මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිසුවෙක් ද එම රෝහල්වලදී මෙවර උසස්පෙළ විභාගය සදහා පෙනී සිටීම විශේෂත්වයක්.
උපුටා ගැනීම : නෙත්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)