අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්…
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ උපාධිධාරීන් හට මාසික දීමනා ගෙවීම සඳහා රජය වාර්ෂිකව රුපියල් කෝටි 1,063ක් වැය කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ 2020 වර්ෂයේදී ක්‍රියාවට නැංවිණි.
උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු මත අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා ඇත්තේ 58,062 පමණි.
ඒ අතරින් පුහුණුවට වාර්තා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල යටතේ මේ වන විට පුහුණුව ලබමින් සිටිනුයේ 53,177ක් පමණක් බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
අභ්‍යාසලාභීන් වසරක පුහුණුවකට යොමු කොට තිබෙන අතර ඔවුන් වෙත රුපියල් 20,000ක මාසික දීමනාවක් ගෙවීමට රජය කටයුතු කර තිබේ.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)