අවුරුදු 15 – 19ත් අතර දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම්දීමක්…
වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ බෝවන රෝග පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඒ සඳහා හිමිවූ බවය.
ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා දිස්ත්‍රික් රෝහල් සහ ඊට ඉහළ මට්ටමේ පවතින රෝහල් තුළදී එම එන්නත්කරණය සිදු කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
එසේම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සහ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී ද අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට තීරණය කළ බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
මේ අතර මේ මස 21 වැනිදා පාසල් විවෘත කිරීමට සුදානම් වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අද (07) විදුහල්පති සංගම් සමග පැවති සාකච්ඡාවකදී ඉල්ලා තිබේ.
උපුටාගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)