අවු 12ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් එන්නත දීමට අවධානය…

වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඉතා නුදුරේදීම අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට එන්නත් දෙන බව ද හෙතෙම දිනමිණට ඊයේ (18) කීවේය.
“අප මුලින්ම අවුරුදු 60ට වැඩි අයට එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට එන්නත් දුන්නා. ඊට පස්සේ 18ට වැඩි අයට දෙන එක ගැනත් 12ට වැඩි පාසල් ළමයින්ට දෙන එක ගැනත් අප සලකා බලාගෙන යනවා. මේක පිළිවෙළකට කරන්න ඕනෑ නිසා තමයි අප මේ වයස් කාණ්ඩ විදියට, කණ්ඩායම් හැටියට මේ එන්නත්කරණය කරන්නේ. එහෙම නැතුව සල්ලි නැති කිසිම ප්‍රශ්නයක් නෑ. එන්නත් ගේන්න හොඳට සල්ලි තියෙනවා. අපට එන්නත් අපට හොඳට ලැබෙනවා. 18 -30 අතර කාණ්ඩයටත් අප නුදුරේදීම එන්නත් දීම ආරම්භ කරනවාÓ යැයි ද හෙතෙම කීවේය.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)