ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

මෙරටින් බිහි වූ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙක් ලෙස සැලකෙන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අද අභාවප්‍රාප්ත වුණා.
ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සැලකෙන්නේ මෙරට ප්‍රාග් මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කළ මහා ප්‍රාඥයා ලෙසයි.
1942 වසරේ රත්නපුර දී උපත ලැබූ ශිරාන් උපේන්ද්‍ර දැරණියගල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබුවා.
කේම්බ්‍රිජ් ට්‍රිනිටි විද්‍යාලයෙන් පුරාවිද්‍යාව හා සංස්කෘත භාෂා මූලික හා ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහු 1968 වසරේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය ගවේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ආචාර්‍ය දැරණියගල සිදු කළ සේවය අති මහත්.
අවුරුදු 130,000කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු හෙළි කරගත් බූන්දල පතිරාජවෙල ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්යේෂණය ශිරාන් දැරණියගල මහතාගේ වෘත්තිය ජිවිතයේ විශිෂ්ටතම පර්යේෂණය ලෙස සැලකෙනවා.
එම පර්යේෂණය වෙනුවෙන් ඒ මහතා හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධිය ලබා ගත්තා.
අදාළ පර්යේෂණ පදනම් කරගනිමින් එතුමා විසින් රචිත වෙලුම් තුනකින් යුත් The Pre-History of Sri Lanka කෘතිය මෙරට පුරාවිද්‍යාඥයන් වර්තමානයේ සිය අත්පොත ලෙස ද භාවිත කරනවා.
ඔහු කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, පාහියන්ගල වැනි ස්ථානවල කළ කැණීම් මගින් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව සාධක ශ්‍රී ලංකාව සතු බව ලෝකයට රැගෙන යෑමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළා.
අනුරාධපුර ඇතුළු නුවර කැනීම් මගින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පූර්ව ඓතිහාසික යුගය පසුකරමින් ඓතිහාසික යුගය දක්වා පැමිණෙන බවට සාධක ඉදිරිපත් කළේද ආචාර්‍ය ශිරාන් දැරණියගල මහතායි.
1992 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ ආචාර්‍ය ශිරාන් දැරණියගල මහතා 2001 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා.
මෙරට පුරාවිද්‍යාවට හා ඉතිහාසයට දැවැන්ත මෙහෙයක් සිදු කළ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාණෙනි, ඔබට නිවන් සුව…!
උපුටාගැනීමකි.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)