උතුරේ පාසල් අධ්‍යාපනය නඟාසිටුවීමට පියවර…
උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් ප්‍රායෝගිකව සහ ක්ෂණිකව ඉටු කළ හැකි අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල 07 වෙනිදා වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.
යාපනය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන බලධාරීන් හමුවීමට මේ සංචාරයේදී අවස්ථාව හිමි වූණා. ජාතින් අතර සන්නිවේදන දුරස්ථභාවය විසඳීමට පියවර ගැනීම ප්රමුඛ අවශ්‍යතාවක්. ඒ සඳහා උතුරේ පාසල් සහ දකුණේ පාසල් අතර සම්බන්ධීකරණය වඩාත් පුළුල් කිරීමට ද පියවර ගත යුතුයි.’
මේ සංචාරයේදී ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම නාග විහාරය, නාගදීප විහාරය, නාගදීපයේ ශ්‍රී නාගපූෂණී විද්‍යාලය, නාගදීපයේ ශ්‍රී ගනේෂ කනිෂ්ඨ විද්‍යාලය, නයිනතිව් මහා විද්‍යාලය සහ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල නිරීක්ෂණයට ද එක් වූහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)