උපකාරක පන්ති ආරම්භ වන දිනය ?
ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පවසයි.
අද (08) උදෑසන පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඊට අදාළව සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.
මෙරට උපකාරක පන්ති කරන ගුරුවරු ලක්ෂ 03ක් සිටින බවත්, උපකාරක පන්ති පවත්වන ආයතන 25,000 ක් පවතින බවත් මේ වන විට සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වී ඇති බවත්, මතුව ඇති තත්ත්වය පාලනය සඳහා රජය කඩිනම් පියවර ගතයුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
උපකාරක පන්ති ආරම්භ නොකිරීමෙන් විශාලතම අසාධාරණය සිදුව ඇත්තේ ළමයින්ට බවත්, මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය අසාර්ථක බවත්, බොහෝ ළමයින්ට තාක්ෂණික උපාංග නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යනු ලබන්නේ නම් අධ්‍යාපනය බිඳවැටීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ රැකියා වෙළෙඳපොළේ අසමතුලිතතාවයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ රටතුළ මේ වන විට දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතින බවත්, මෙම ගෝලීය ප්‍රශ්නයෙන් මිදීමට රජය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
ගැටලුව විසඳීම සඳහා පියවරෙන් පියවර කටයුතු කරන බවත්, තුලනාත්මක වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
උපුටා ගැනීම: අද දෙරන
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)