උපාධිධාරීන්ට ගුරු පත්වීම් 18,000ක්
සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ගුරුපත්වීම් 18000ක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව උපාධිධාරීන් සඳහා ලබාදෙන රැකියා 54000න් 18000ක්ම ගුරු පත්වීම් බව අධ්‍යාපන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
තිහගොඩ කෝමංගොඩ මහේෂා උත්සව ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඇමැතිවරයා මෙසේ ද කීවේය.
පැවති යහපාලන රජය ක්‍රියා කළ අන්දමට නොව වත්මන් රජය යටතේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී බාහිර හා අභ්‍යන්තර උපාධිධාරීන් වශයෙන් නොසලකා සැමට භේදයකින් තොරව රැකියා ලබාදෙන බව කීවේය.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්දන සිරිබද්දන, තිහගොඩ ප්‍රාදේශීය සභාපති නිර්මාල් සමරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් රැස්වීම ඇමතූහ.
උපුුුටාගැනීම : දිනමිණ (තිහගොඩ සමූහ පී.ජි.ජී. සුගතදාස)
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)