උපාධිධාරීන්ගේ පුහුණුව පිළිබඳ ගැටලුව ගැන තීරණයක් ගනී…
රැකියා විරහිත උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පුහුණු වැඩසටහන මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ආරම්භ කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඒ, සියළු අමාත්‍යාංශ, දිස්ති‍්‍රක් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙතයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කළේ මැයි මස 04 වැනිදා හෝ 11 වැනිදා අතර අදාළ පුහුණුව ආරම්භ කරන ලෙස දැනුම් දුන් බවයි.
පත්වීම් ලිපි ලැබූ උපාධිධාරීන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් පත්වීම් භාරගත් බව දැනුම් දිය යුතු අතර ඔවුන්ගේ ලේඛණයක් පවත්වා ගැනීමට කටයුතු කළයුතු බවටද මෙහිදී දැනුම් දී තිබෙනවා.
පත්වීම් ලිපි නිකුත් කිරීමට නොහැකි වූ අපේක්ෂකයින්ගේ පත්වීම් ලිපි පුහුණුව නැවත ආරම්භ වන අවස්ථාවේදී නිකුත් කරන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ.
මැතිවරණය හේතුවෙන් මෙම වාර්ෂික පුහුණු වැඩසටහන තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සියළු පාර්ශ්ව දැනුවත් කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
උපාධිධාරීන් 45,000කගේ රැකියා පුහුණුව මැතිවරණ කොමිසම විසින් අත්හිටුවීම පිළිගත නොහැකි කරුණක් බව ජනාධිපතිවරයාද ඊයේ (05) ප්‍රකාශ කළා.
උපුටා ගැනීම: නෙත් නිවුස්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)