උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම් දීමක්…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතුය.
අනතුරුව එම අයදුම්පත්‍රය බාගත කර ලබා ගත් මුද්‍රිත පිටපතේ ඉතිරි කොටස් සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා මඟින් 2020.07.10 දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැළැස්විය යුතුය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112785231 අංකය හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකි බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)