උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන නිවේදනයක්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසාන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වන විට ප්‍රතිඵල සමාලෝචනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවය.
මේ අතර, විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සියලු විශ්ව විද්‍යාල වෙත 19 දිනයේ නිකුත් කළ බවය.
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය, නේවාසිකාගාර පවත්වාගෙන යන ආකාරය, විභාග, සම්මන්ත්‍රණ සහ ක්‍රීඩා කටයුතු සිදුකිරීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කර තිබේ. දිවයිනේ සියලු විශ්ව විද්‍යාල අප්‍රේල් 27වන දින සිට විවෘත කිරීමට නියමිත අතර විශ්ව විද්‍යාල පරිශ්‍ර විෂබීජහරණය කොට අධ්‍යයන කටයුතු පවත්වා ගෙනයන ආකාරය සම්බන්ධයෙන් සියලු විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් දැනුවත්කර ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී ගැටලු මතුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)