උසස් පෙළ ප‍්‍රතිඵල අද තැපෑලට – විභාග සහතික පත‍්‍ර නිකුත් කිරීම ලබන 30 වනදා සිට
මෙවර පැවති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ තැපැල් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණ කටයුතු ලබන ජනවාරි මස 17 වනදායින් අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.
මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වනදා සිට 31 වනදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදී පැවැත්වුණා. ඊට පෙනී සිිටි අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ 37,704ක්.
ඉන් එක් ලක්‍ෂ 81,126 දෙනෙකු මෙවර විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා ඉල්ලූම් කිරීමට සුදුසුකම් ලබාගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. නව නිර්දේශය යටතේ විෂයන් 3 ක් සදහා අයදුම්කරුවන් එක් ලක්‍ෂ 87,167 දෙනෙකු පෙනී සිටියා.
පැරණි නිර්දේශය යටතේ විෂයන් 3 ක් සදහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 94,609 ක්. විභාග නිීති කැඩූ අයදුම්කරුවන් 71 දෙනෙකුගේ ප‍්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.
දේශීය සහ විදේශීය උසස් අධ්‍යාපනය සදහා විභාග සහතික ලබන 30 වනදා සිට ලබාගත හැකියි. දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk මගින් ඔන්ලයින් සහතික පත‍්‍ර අයදුම්කර ඒ හරහා පැය 48 ක් තුළ සහතික පත‍්‍ර ගෙන්වා ගැනීමටද හැකියාව පවතිනවා.
එමෙන්ම ලබන 30 වනදා සිට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ එක්දින සේවාව හෝ සාමාන්‍ය සේවාව මගින්ද විභාග සහතික පත‍්‍ර ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ.
උපුටා ගැනීම: Neth News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)