උසස් පෙළ විශිෂ්ටයන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් නෝට්බුක් පරිගණක…

මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත.
සෙලින්කෝ ලයිෆ් විසින් තම ‘ප්රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාග ලබා දෙන ලදී. ‘ප්රණාම’ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ ශිෂ්‍යයන් අතරින් 2019 විභාගයේදී තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම සමත්කම් දැක්වූ මෙම සිසුන් 25 දෙනාම ‘ප්රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ නවතම අදියරේ ප්‍රතිලාභීන් ලෙස මේ වනවිටත් සෙලින්කෝ ලයිෆ් වෙතින් රු. 144,000ක් බැගින් වටිනා වූ ශිෂ්‍යත්ව ලබා ගෙන ඇත.
සෙලින්කෝ ලයිෆ් විසින් තෝරා ගත් Lenovo Ideapad D330 නෝට්බුක් පරිගණකය, සැහැල්ලු ටැබ්ලටයක් ලෙසත් වෙන් කර භාවිත කළ හැක. සියලුම නියමිත සෞඛ්‍ය හා ආරක්ෂිත පියවරවලට අනුකූලව නෝට්බුක් පරිගණක ලබා දීම සෙලින්කෝ ලයිෆ් ශාඛා මට්ටමින් සිදු විය
උපුටා ගැනීම: ලංකාදීප
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)