උසස් පෙළ විශිෂ්ඨයින් ගේ නම් මාධ්‍යයට නිකුත් නොකෙරේ..
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව දිවයිනේ පළමු ස්ථාන දිනා ගත් සිසු සිසුවියන්ගේ නම් මාධ්‍ය වෙත නිකුත් නොකිරිමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත සඳහන් කරනවා.
ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් සහ සමස්ත මට්ටමින් සිසු සිසුවියන් ලබා ගත් ප්‍රතිපල ඔවුන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ.
නව සහ පැරණි විෂය නිර්දේශය අනුව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 71 දෙනෙක් ගේ ප්‍රතිපල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
උපුටා ගැනීම: Neth News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)