උසස් පෙළ-ශිෂ්‍යත්ව විභාග දින තීරණයට අධ්‍යාපන බලධාරින් අද රැස්වේ…
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් පිළිබඳ තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත් වේ.
අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් අතර පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව විභාග පැවැත්වෙන දින ප්‍රකාශය ට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ව තිබු අදාළ විභාග මසකින් කල් දැමීමට පසුගිය මාසයේ දී තීරණය කෙරුණි.
එහෙත් පවතින තත්ත්වය හමු වේ එම දිනයන් වෙනස් කරන ලෙස විවිධ පාර්ශවවලින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර තිබු බව වාර්තා විය.
එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් විභාගය පැවැත්වෙන දිනය තීරණය කිරීම අද දිනය දක්වා කල් තැබුණි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)