උසස් පෙළ සමත් 1,81,000ට උපාධි වරම්
පසුගියදා අපොස උසස් පෙළ විභාගය සමත්ව සරසවි ප්‍රවේශ සුදුසුකම් ලැබූ 1,81,000ක් වූ සියලු සිසුසිසුවියන් මේ වසරේදීම විශ්වවිද්‍යාලය හා රජය විසින් විශ්වවිද්‍යාලය මට්ටමට උසස් කරනු ලබන විද්‍යායතන වෙත යොමු කර උපාධිය හිමි කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිළුමිණට පැවසීය.
ඒ යටතේ ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරනු ලබන සිසුසිසුවියන් සංඛ්‍යාව 50%කින් වැඩි කර ඇතැයිද පෙන්වා දුන් ඇමැතිවරයා ඒ වෙනුවෙන් පර්යේෂණ හා තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල කිහිපයක් අලුතින් ස්ථාපිත කරනු ලබන බවද කීය. එම විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ රජයේ පළමු අයවැයෙන්ම වෙන් කරනු ලබන බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම උපාධි පහසුකම් ලබා දීම සදහා ලෝකයේ අනෙක් රටවල මෙන් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන (UNIVERSITY COLLEGE) 300ක් අලුතින් ඇති කිරීමට කටයුතු කරනු ලබන බවද පෙන්වා දුන් ඇමැතිවරයා ඒ සඳහා විවිධ අමාත්‍යාංශවලට අයත් ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ලබා දෙන උසස් අධ්‍යාපන ආයතන ජාතික විශ්වවිද්‍යාලයවලට අනුබද්ධිත විශ්වවිද්‍යාලයීය විද්‍යායතන බවට පත් කරනු ලබනු බවත් මේ වසරේ පමණක් එවැනි විශ්වවිද්‍යාලයීය විද්‍යායතන 100ක් ස්ථාපිත කරන බවද පැවසීය. ඉදිරියේදී තවත් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන 200ක් ඇති කිරීමට කටයුතු කරන බවත්, ඒ විශ්වවිද්‍යාලයීය විද්‍යායතනවල පළමුවන වසර දෙක තුළ ඩිප්ලෝමාවක්ද පසුව විශ්වවිද්‍යාලයන්හි වසර දෙකක් අධ්‍යාපනය ලබා උපාධිය හිමි කරගත හැකි බවත් ඔහු කීය.
මීට අමතරව විවෘත විශ්වවිද්‍යාලයටද අලුතින් සිසුන් ලක්ෂයක් මේ වසරේදී ඇතුළත් කරගැන්මට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සම්පාදනයට කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා NSBM වැනි උසස් අධ්‍යාපන ආයතන වරලත් විශ්වවිද්‍යාලය බවට පත් කර, මඟින්ද උපාධි ලබා දීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය. නව රජයේ විශේෂ අවධානයක් මේ කටයුතු සදහා මේ වන විටත් යොමුව ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් ලබා දුන් පොරොන්දුවට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට සුදුසුකම් ලැබූ සියලු සිසුන් මේ වසර තුළදීම උපාධි හිමි කරගැනීම සඳහා යොමු කරන බව කීය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)