උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම ගැනත් පෞද්ගලික පන්ති පැවැත්වීම ගැනත් සාකච්ඡාවක්…
අ.පො.ස උසස් පෙළ උපකාරක පංති පැවැත්වීමේදී දැනට ලබා දී ඇති සියයේ සීමාව තුළ මහා පරිමාණ පංති පැවැත්වීමට අසීරු බවත් ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර හැකි ඉක්මනින් ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
ඒ අනුව මේ පිළිබඳව සළකා බලා අදාළ විෂය නිර්දේශ ආවරණය කර ගනිමින්, වැඩි දරුවන් ප්‍රමාණයකට ඉඩ ප්‍රස්ථාව සළසා දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවද බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද අ.පෙ.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් අධ්‍යාපන බලධාරින්, ගුරු සංගම්, ඇතුළු පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සියළු නිලධාරින් සමග අධ්‍යාපන අමාත්‍යවරයා අවශ්‍ය සාකච්ඡා සිදු කරන බවද කීය.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)