උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…
උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයට පෙර ලබාදීමට උපරිම උත්සාහ ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
එම සිසුන් සැප්තැම්බර් මස විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් එමඟින් ඔවුන්ට විභාගය කල් යෑමෙන් සිදු වූ පාඩුව මකා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
ගලගෙදර ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව ඇමැතිවරයා 03 වෙනිදා මෙම අදහස් ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ තවමත් ස්ථිර තීරණයකට එළඹ නොමැති නමුත් විභාගවලට සහභාගි වීම සඳහා සිසුන් මේවන විටත් පැමිණෙන බව ද හෙතෙම අවධාරණය කළේය.
සිසුන් නේවාසිකාගාරවල සිට අධ්‍යාපන කටයුතුවල නිරත වන බැවින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවධානම පාලනය කිරීම සම්බන්ධව පවතින ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ප්‍රමාදවී තිබෙන බවත් එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන ඇමැතිවරයා කීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)