ඔන්ලයින් ගුරු වර්ජනය අදත්…
ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත්වෙමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) දිනයේත් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති සංගම් පවසති.
“අද දෙරණ” කළ විමසීමකදී වර්ජනයේ නිරත ගුරු සංගම් සඳහන් කළේ, තම ඉල්ලීම්වලට මේ දක්වා රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක කරන බවය.
ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යෑමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ විය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පසුගිය 8 වැනිදා විරෝධතාවයේ නිරත වු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනකු බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ගුරු සංගම් ඊයේ විරෝධතාවය ආරම්භ කර තිබුණි.
ඒ අනුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය ඇතුලු ගුරු සංගම් 14ක් ඊයේ සිට ඔන්ලයින් අධ්‍යාපන ලබාදීම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශීය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානවල රාජකාරිවලින් ඉවත් විය.
උපුටා ගැනීම: අද ෙදරණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)