ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි…

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන ජාලය වන එස්එල්ටී මොබිටෙල් අඛණ්ඩව 14 වැනි වරටත් අනුග්‍රාහකත්වය දෙන ඔබ්සර්වර් – එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන උළෙල මේ වසරේදීත් පැවැත්වීමට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කටයුතු සංවිධාන කර තිබේ. ඒ අනුව ප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීමේ අවස්ථාව මෙවරත් පාඨක ඔබ සැමට උදාකර ඇති අතර, ඒ සඳහා සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ, ඩේලි නිවුස්, දිනමිණ සහ තරුණි පුවත්පත්වල පළවන කූපන්පත් පුරවා එවීමෙන් වටිනා ත්‍යාග දිනා ගැනීමට ඔබට අවස්ථාව සැලසී තිබේ. මෙවර සම්මාන උළෙලට එස්එල්ටී මොබිටෙල් අනුග්‍රාහකත්වය ලබාදීම සංකේතවත් කරමින් රොටුන්ඩා උද්‍යාන එස්එල්ටී මොබිටෙල් කාර්යාලයේදී මොබිටෙල් ප්‍රධාන අලෙවි නිලධාරී (එස්එල්ටී මොබිටෙල් වෙනුවෙන්) ශෂික සෙනරත් මහතා අතින් ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ රඛිත අබේගුණවර්ධන මහතා වෙත අනුග්‍රාහකත්වය පිරි නැමීම පසුගියදා සිදු කෙරිණි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)