ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ පරීක්ෂණ කල්දැමේ…
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ කොවිඩ් අවදානම මත සිදු නොකෙරෙන බව දැනුම්දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවය.
2021 අප්‍රේල් මස 27 දින සිට එම පරීක්ෂණ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)