කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් ජාතික වැඩමුළුක්…
මෙරට කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්‍ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගනිමින් ඒ සදහාවන මූලික ප්‍රතිපත්ති සහ සැළසුම් සකස් කිරීමේ ජාතික වැඩමුළුවක් සංවිධාන කෙරේ.
මේ මස 21 සහ 22 දෙදින තුළ කොළඹ ට්‍රේස් සිටි හී දී එය පැවැත්වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂන නියෝජිතායතනය විසින් මෙම වැඩසටහන සංවිධාන කරනු ලැබේ.
විශේෂයෙන්ම 2025 වසර වන විට මෙරට කාන්තා ප්‍රජාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිතව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීම මෙහිදී සිදු කෙරේ.
මෙම අවස්ථාව සදහා සුහුරුලිය කාන්තා නියෝජිතයින් ප්‍රතිපත්ති සම්පාදකයින් සමාජක්‍රියාකාරීන් සිවිල් සමාජ නියෝජිතයින් පරිපාලන නිලධාරීන් කාන්තා සංවර්ධන නිලධාරීන් ඇතුළු 350ක පිරිසක් සහභාගී වීමට නියමිතය.
උපුටා ගැනීම : දිනමිණ පුවත්පත
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)