කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ…
98වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කාන්තා රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කළ යුද හමුදාවේ කෞෂල්‍යා පෙරේරා සමත් වූවාය.
ඇය දැක්වු දක්ෂතාවය මීටර් 3.5 6කි.
98වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය වු ඊයේ (27) තරග ඉසව් කිහිපයක අවසන් තරගය පැවැති අතර ඉන් තරග ඉසව් 7ක ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය.
මීටපෙර එම වාර්තාව හිමි කරගෙන තිබුණේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන අනීතා ජෙගදීෂ්වරන් වන අතර ඇය පිහිටුවා තිබූ වාර්තාව මීටර් 3.5 5කි.
ඒ අනුව තරගාවලියේ තුන්වන දිනය වන අදත් (28) තරග ඉසව් කිහිපයක අවසන් තරග පැවැත්වීමට නියමිතය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)