කොවිඩ් හරස් වීමෙන් බස්නාහිරට 90%ක් පිට පළාත්වලට 70%ක් සිසුන්ගේ අධ්‍යාපනය පාඩු වෙයි…
කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වසරේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ යුතුව තිබූ ජාතික ඉගෙනුම් ක්‍රියාවලියේ සියයට 90ක පාඩුවක් සහ සෙසු පළාත්වල සියයට 70ක පාඩුවක් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනය කළ අදාළ සමීක්ෂණයට අනුව 2020 වසරේද බස්නාහිර පළාතේ සියයට 55ක් සහ සෙසු පළාත්වල සියයට 45ක ඉගෙනුම් පාඩුවක් සිදුවී ඇත.
මේ හේතුවෙන් පවතින ගැටලුකාරී වතාවරණය නිරාකරණය කිරීම සඳහා නොවැම්බර් මස සිට මාර්තු මස දක්වා සති 20ක කාලයක් අඛණ්ඩව පාසල් පවත්වා අත්‍යවශ්‍ය ඉගැනුම් අවසන් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවැසීය.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)