ගංවතුරට හසු වී උතුරු ඉන්දියාවේ 150ක් මරුට…
උතුරු ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ වේල්ලක් වෙත ග්ලැසිරයක් ගැටී වේල්ල බිඳී යාම නිසා ඇති වූ බිහිසුණු ගංවතුරට හසු වී 150කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ නිසා අවට ගම්මාන රැසක ජනයා උන්හිටි තැන්වලින් ඉවත් කර ඇත. ප්‍රදේශයේ පැතිර ගිය ගංවතුර නිසා ඉතා විශාල හානියක් වී ඇතැයි සමාජ මාධ්‍යවල දක්නට ඇති වීඩියෝ දර්ශනවලින් දැනගන්නට තිබේ.
මේ ගංවතුර ඉතාම වේගයන් පැමිණි බවත් කිසිවකුටවත් දැනුම් දීමක් කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොතිබුණු බවත් දවුලි ගංගා නිම්නයේ ජීවත් වන සංජය සිං රානා නම් අයෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. “අපත් මේ ගංවතුරට හසුවී සේදී යනු ඇතැයි සිතුණා“ යැයි ඔහු එම මාධ්‍ය සේවයට පවසා ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)