‘ගුරු ගෙදර’ දිගටම…
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රූපවාහිනී සේවා සහාය ඇතිව ‘ගුරු ගෙදර’ අධ්‍යාපනික රූපවාහිනි වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මාධ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණ සහිතව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා 16 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.
ඒ අනුව, මෙම සිංහල හා දෙමළ මාධ්‍ය අධ්‍යාපන වැඩසටහන් ‘අයි නාලිකාව’ සහ ‘නේත්‍රා නාලිකාව’ සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසුවේ වර්තමානයේ තිබෙන තත්ත්වය අනුව, පාසල් ආරම්භ කළද යම් අනපේක්ෂිත තත්ත්වයක් උද්ගත වුවහොත් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල නොවීමට මෙම වැඩපිළීවෙළ ඉවහල් වනු ඇති බවයි.ආදායම් තත්ත්වය පිළිබඳව නොසිතා ,වාණිජ අරමුණු පසෙකලා දරුවන්ගේ අධයාපන වගකීම පමණක් මෙහිදී අවධානය යොමු කළ බවද ඇමැතිවරයා කීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)