ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි…
ශ්‍රී ලංකාවේ ගුරු පුහුණු විශ්වවිද්‍යාල සහ හෙඳ පුහුණු විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානය කරන තත්ත්වයට උසස් කිරීම සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.
ඒ අනුව විශේෂ කාර්ය සඳහා වූ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදනය ඇතුළත් කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව වැවිලි ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (06) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ විශේෂ කාර්ය සඳහා වූ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා මීට පෙර ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බවයි. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)