ගූගල් සමාගමේ මවු සමාගම පාලනයෙන් සම නිර්මාතෘවරුන් ඉවත් වෙති

ගූගල් සමාගමේ මවු සමාගම පාලනයෙන් ඉවත්වන බව එහි සම නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් නිවේදනය කළහ. ඇල්ෆබට් නැමති සිය මවු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ධූරවලින් ඉවත්වන නමුත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තවදුරටත් රැඳී සිටින ඔවුහු පවසති.
මේ අනුව ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන සුන්දර් පීචායි ඇල්ෆබට් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වනු ඇත.
ඇල්ෆබට් සමාගම නිර්මාණය කෙරුණේ ගූගල් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස 2015 වසරේදීය. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මේ සමාගම පාලනයෙන් ඉවත්වූ බව 1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම පිහිටවූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් සඳහන් කළහ.
උපුටා ගැනීම: දිණමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)