”චින්තාගාරය” යූ ටියුබ් වැඩසටහන දරුවන් වෙත සමීප කිරිම. – ”යූ ටියුබ් නාලිකාව ඔස්සේ දරුවන්ට නැරඹිය හැකිය…
කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල රැදී මාර්ගගත ක්‍රමයට ඒකාකාරීව අධ්‍යාපන කටයුතුවලට යොමුවීම නිසා දරුවන් කායික හා මානසික වශයෙන් ගැටළුකාරී තත්ත්වයන්ට පත්ව සිටින බව නිරීක්ෂණය වීම නිසා දරුවන්ගේ මානසික සහනය ඇති කිරීම උදෙසා ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව “චින්තාගාරය” නමින් පැයක යූ ටියුබ් වැඩසටහනක් අප අමාත්‍යාංශය මගින් දරුවන් වෙත සමීප කිරිමට කටයුතු සැලසුම් කරන ලදි. දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමටත්, සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල භාවිතය නිවැරැදිව සිදු කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමටත්, විවිධ තේමා ඔස්සේ සකස් කළ වැඩසටහන් කොටස්සෑ වශයෙන්ම සෑම ඉරිදා දිනකම පෙ.ව 8.30 ඇතුලත්වන අතර “චින්තාගාරය” යූ ටියුබ් නාලිකාව ඔස්සේ එම වැඩසටහන් දරුවන්ට නැරඹිය හැකිය. ජූනි මස 27 වැනි දින සිට මෙම වැඩසටහන යූ ටියුබ් චැනලය ඔස්සේ විකාශය කිරීම ඇරඹි අතර එම පසුගිය වැඩසටහන්ද චින්තාගාරය යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹීමට අවස්ථාව තිබේ.
මෙම සබැදිය මගින් පිවිසිය හැක. https://www.youtube.com/channel/UCAYkMZpeW2jwQ76oR3IuYeg
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)