ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව ඇරඹේ…
කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ විය.
ඒ අනුව, බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු පළාත් කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි ජාතික හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු කළ යුතුය.
එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණීමේදී කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන පැමිණිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් මහජනතාව වෙත සැපයෙන අනෙකුත් සේවාවන් පිළිබඳව වැඩිදුර විමසීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ සහ info@drp.lk විද්‍යුත් ලිපිනය හරහා තොරතුරු ලබාගත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය.
ප්‍රධාන කාර්යාලය – 011 5226126 / 011 5226100
දකුණු පළාත් කාර්යාලය – 091 2228348
වයඹ පළාත් කාර්යාලය – 037 2224337
නැගෙනහිර පළාත් කාර්යාලය – 065 2229449
උතුරු පළාත් කාර්යාලය – 024 2227201
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)