ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය අනුව Exams Sri Lanka-DOE (Mobile-App) යෙදවුම දියත් කෙරේ – අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්…

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය අනුව වඩාත් අපේක්ෂක හිතවාදී ජංගම දුරකථන යෙදවුමක් (Mobile-App) (භාෂා ත්රිත්වයවයෙන් සමන්විත) Exams Sri Lanka-DOE නමින් හඳුන්වා දෙමින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ සියලුම සේවාවන් නිවසේ සිට ජංගම දුරකථනය මාර්ගයෙන් සිදුකර ගැනීමට සමස්ත ජනතාවට ම පහසුව සැලසෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොළඹ දී, එම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීමේ අවසාථාවට එක් වෙමිනි.
එම යෙදවුමට අනුව මාර්ගගත ක්‍රමයට සහතික පත්‍ර අයැදුම් කිරීම, ප්‍රතිඵල තහවුරු කිරීම, විභාග අංකය සෙවීම, ආසන්න වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම,ආයතනකික විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම හා බාගත කර ගැනීම,මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි (ප්‍රශ්නපත්‍රය සමඟ) හා ඇගයීම් වාර්තා බාගත කර ගැනීම, සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක බාගත කර ගැනීම, පුවත් සහ නිවේදන, විභාග දින දර්ශන, පසුගිය (ආසන්න වසර 05ක) විභාග ප්‍රශ්නපත්‍ර බාගත කර ගැනීම, අයදුම් පත්‍ර බාගත කර ගැනීම, මාර්ගගත විභාග පද්ධතිය (GIT – Online Examinations System), විභාග ප්‍රශ්නපත්‍ර බාගත කර ගැනීම, අයදුම්පත් කැඳවූ විභාග (අදාළ ගැසට් පත්‍ර), මාසික ආයතනික විභාග ප්‍රතිපල නිකුත් කිරීම,ප්‍රතිපල ලේඛන බාගත කිරීම. (Online Application Module), මාර්ගගතව පාසල් විභාග සඳහා අයදුම් කිරීම, මාර්ග ගත ව ආයතනික විභාග සඳහා අයදුම් කිරීම, ආදී විභාග දෙපාර්තමේන්තුවට පැමිණ කරගත යුතු වූ සියලු ම සේවාවන් තමා සිටින තැන සිට ජංගම දුරකථනය ඔස්සේ සිදු කර ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකි බව ද ඒ මහතා පැවසී ය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත, අමාත්යමාධ්ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු විභාග දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් පිරිසක් ද එක්වූහ.
උපුටා ගැනීම: අධ්‍යාපන ආමාතයංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)