තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තීය පුහුණුව…

සෞභාගයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂයකට (100,000) වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා රජය තීරණය කර තිබේ.
ඒ අනුව තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තීය පුහුණුව ලබා දීමේ වගකීම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියට පවරා තිබෙන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මඟින් බහු කාර්ය ශිල්පින් බඳවා ගැනිමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිරසර සංවර්ධන අරමුණුවල ප්‍රධාන ඉලක්කයන් වන දිළිඳු බවින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වූ අරමුණු ජය ගැනීම වෙනුවෙන් තිරසාර හා සුවිශේෂී උපාය මාර්ගයක් ලෙස බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බළකාය පිහිටුවා තිබෙන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ මඟ පෙන්වීමෙන් නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ උපදේශකත්වය යටතේ නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර සිදු කෙරුණි.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)