තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා දෙන්න කැබිනට් අනුමැතිය…
තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
එසේම දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විසිවන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
නව කැබිනට් මණ්ඩලය ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එම කැබිනට් තීරණ දැනුම්දීමේ පළමු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් ප්‍රකාශකවරුන් වන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ ඇමැති උදය ගම්මන්පිළ යන මහත්වරුන් විසින් පවත්වන ලදී.
ජනාමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින්..
අද මාත් සමග කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස ඇමැති උදය ගම්මන්පිල මහතාත්,ඇමැති රමේෂ් පතිරණ මහතාත් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්වුණා. හෙට පළමු පාර්ලිමේන්තුව 9.30ට ආරම්භවෙනවා. පළමුවෙනි කර්තව්‍ය ලෙස කතානායකවරයා සහ සභාපතිවරයා පත් කිරීම සිදු වෙනවා. ඊට පසුව පාර්ලිමේන්තුව කල් තබලා සවස 2.30ට නැවත ආරම්භ වෙනවා රාජාසන කතාව සඳහා. පළමුවෙන්ම ගත් කැබිනට් තීන්දුවක් තමයි උපාධි ධාරීන්ගේ පත්වීම් සම්බන්ධව ප්‍රශ්න මතුවෙලා තිබුණා ඉල්ලීම් කර තිබුණා, විශේෂයෙන්ම කොවිඩ් වසංගතයට පෙර ඒ පත්වීම් දුන් අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා එය පසුව කළ යුතුයි කිය උපදෙස දුන් නිසා ඒ උපදෙසට අනුගත වෙලා නැවත වරක් ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් තීන්දු කළා ඒ ලයිස්තවට අමතරව තවත් දස දහසකට උපාධිධාරී පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපි දැක්කා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් ඒ අවස්ථාවෙදී ජනාධිපතුමා ඔවුන්ටත් කිව්වා තවත් දසහසකට ඒ උපාධිධාරී පත්වීම් ලබා දුන් බව.
දහනම වන සංශෝධනය අහෝසි වන ආකාරයටත් ඒ වගේම විසි වන සංශෝධනය ඒ වෙනුවට ගෙන එන අතර යම් කරුණු තොරතුරු දැන ගැනීමේ පනත විසි වෙනි පනතටත් එය ඇතුලු කරන්නට තීන්දු ගත්තා.
අභිනව පාර්ලිමේන්තුවේ කතානායකවරයා පත් කිරීමෙන් පසු පරිපුරක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරි මාස හතරකට පමණ කාලයකට අවසාන කාර්තුව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
අද අමාත්‍ය මණ්ඩල තීරණ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වැදගත් තීරණ ගණනාවක් ගැනුනා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අමාත්‍ය මණ්ඩල සටහන් කෙටුම්පත් යනාදිය අධ්‍යයනයට කිරීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරන්නට තීරණය කළා ඒ අනු කමිටුවේ මහාචාර්ය ජී.එල්.පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අලි සබ්රි යන ඇමැතිවරුන් සහ මමත් ඇතුලුව පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කළා ඒවා අධ්‍යයනය කරලා තමන්ගේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ වගේම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ කිරීමට අධිකරණ අමාත්‍යවරයාට බලය ලබා දුන්නා.
එතුමා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා පත් කෙරෙන විද්වත් කමිටුවට අදාළ නම් නුදුරු අනාගතයේ දිනයක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ වගේම දහනම වන සංශෝධනයේ බොහෝ කරුණු ඉවත් කෙරෙමින් විසි වන සංශෝධනය ගෙන ඒමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීම වැනි සාධනීය ඇතැම් ලක්ෂණ රැක ගැනීමටත් විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ධූර කාලය වසර පහකට සීමා කිරීම ඒ අයුරින් පවත්වා ගන්නටත් ඒ වගේම ජනාධිපතිවරයාට ධූරයේ සිටිය හැකි වාර ගණන දෙවාරයකට සීමා කිරීම ඒ ආකාරයෙන් පවත්වා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කරා. ඉදිරි කාරණා අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන සංකල්පීය කාරණා වලට අනුමතියි දීලා ඒ මත විසි වන සංශෝධනය කෙටුම්පත් කර කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අධිකරණ ඇමැතිවරයාට බලය ලබාදීමට ආමාත්‍ය මණ්ඩලය තීන්දු කරා.
තොරතුරු දැනගැනීමේ මුලික අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීම දහනම වන සංශෝධනයේ ගෙන ආ වගන්තිය සඳහන් කළේ සාධණීය ලක්ෂණයක් බවට පමණයි සඳහන් කළේ. එයින් මම පෙන්නුම් කිරීමට උත්සහ කළේ දහනම වන සංශෝධනයේ ගෙන ආ යම් සාධණීය දෙයක් තිබෙනවා නම් අපි ඒක රැක ගනිමින් තමයි විසි වන සංශෝධණය ගෙන එන්නේ. දහනම වන සංශෝධනයේ තිබෙන සාධනීය ලක්ෂණ මොනවාද සාධනීය නොවන ලක්ෂණ මොනවාද යන්න සලකා බලලා ගැඹුරු හැදීරීමක් කරලා විසි වන සංශෝධණය කෙටුම් පත් කරලා අධිකරණ ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාම අපි එතුමා ඉදිරිපත් කරන කෙටුම්පත දිහා බලලා ඇත්තෙන්ම තබා ගත යුතු දේ මොනවාද ඉවත් කළ යුතු දේ මොනවාද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙනවා.
විසිවන සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම භාරවුණේ අධිකරණ ඇමැතිවරයාට එතුමා අවශ්‍ය විද්වතුන්ගේ අදහස් ලබාගෙන පසුගිය අත්දැකීම් පිළිබඳ සලකා බලලා අවශ්‍ය දේ සඳහන් කරයි. මේ වන විට කෙටුම්පත් කිරීම තවම ආරම්භ කරලාවත් නැහැ. ඒ නිසා අපිට මොනව ද තියෙන්නේ මොනවද නැත්තේ පසුගිය වසර පහදී අපි මුහුණ දුන් දුෂ්කරතා වලට විසඳුම් මොන ආකාරයෙන්ද විසි වන සංශේධනයේ ගෙන එන්නේ කියන්න තවම කල් වැඩියි.
ඉතා සරළව කියනවානම් දහනම වන සංශෝධනයේ මේ රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරා කියන එක පිළිබඳව එය නිර්මාණය කළ අය පවා අද පිළිඅරගෙන අවසන්. ඒ අවුල නිරවුල් කිරීමට තමයි අපි විසිවන සංශෝධනය ගෙන එන්නේ. විදුලි බිද වැටීම් සම්බන්ධව ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා විශේෂ අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරලා තිබුණා. එහි විශේෂයෙන්ම සදහන් කරලා තිබුණා සිදු වුනේ කුමක්ද එවැනි දෙයක් යළි සිදුවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන කාරණා වගේම එවැනි හදිසි අවස්ථාවකදී මේ පද්ධතිය ඉක්මනින් යතා තත්ත්වයට පත් කිරිමට ගත යුතු පියවර මොනවාද කියන කාරණා තුන පිළිබඳව නිර්දේශ ලබා ගැනීමට එතුමා කමිටුවක් පත් කළ බවත් ඒ කමිටු වාර්ථාව ලැබුනු ගමන් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බවත් අමාත්‍යතුමා සඳහන් කර තිබුණා. ඒ කමිටු වාර්තාව ලැබුණු ගමන් අපි රටට කියනවා කුමන්ත්‍රණයක්ද අත්වැරැද්දක්ද ඇත්තටම මොකක්ද වුනේ කියලා අපි කලබල වෙන්නේ නැහැ පූර්ව නිගමණ වලටඑන්න. නැත්නම් විපක්ෂයෙන් නෙමෙයි අපියි කියන්න ඕන ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් සිදුවුණා කියලා .නැහැ අපි එහෙම කියන්නේ නැහැ අපි හොයනවා ඇත්තම කාරණය හොයාගෙන විද්වතුන්ගේ මතය ප්‍රකාශ කරාට පස්සේ අපි ඒක රටට කියනවා.
අපට අවශ්‍ය වෙලා තිබෙන විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් නැතහොත් විදේශ වලින් නිර්මාණ කරන ව්‍යවස්ථාවල් වල ආකෘති දිහා බලාගෙන නිර්මාණය කරන ව්‍යවස්ථාවක් වෙනුවට දේශජ ව්‍යවස්ථාවක්. දේශය තුළින් ඉපදෙන මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන ව්‍යවස්ථාවක් ගොඩ නගා ගැනීම තමයි අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)