දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…
රටේ මූලික අවශ්‍යතා කෙතෙක් තිබුණ ද සැමටම වඩා ඉහළින් තිබෙන ඉහළින්ම තැබිය යුතු දේ වන්නේ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියයි. එසේ ඉහළට ගත යුතු අධ්‍යාපන ක්‍රියාවලියට බලපාන ප්‍රධානම හේතු කිහිපයක් තිබිණි. ඒ හේතු අතර පසු ගිය අවුරුදු දෙක තුළ බලපාන ලද ප්‍රධානම කරුණ වූයේ කොවිඩ් වසංගත තත්වයයි. එය කෙතෙක් ප්‍රබල වූවාද යත්, ඒ අවුරුදු දෙක තුළ බස්නාහිර පළාත තුළ අඛණ්ඩව දින සියයක් පාසල් පවත්වා ගැනීමට හැකියාව නොලැබිණි. එනිසා දරුවන්ගේ ඉගෙනුමට ලොකු බලපෑමක් සිදු විය. ඒ තත්ත්වය යම් තරමකට හෝ සමනය කර ගැනීමට ලැබුණේ මේ වසරේ ආරම්භයේදීය. එහෙත් ඉන් පසු රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ පාසල් පද්ධතිය තුළ නැවතත් ගැටලුකාරී වාතාවරණයක් ඇතිව තිබේ. ඉන්ධන හිඟය, පාසල් වෑන් රථ ගාස්තු ඉහළ යෑම, අභ්‍යාස පොත් මිල ඉහළ යාම, ගුරුවරුන්ට සේවය සඳහා පැමිණීමට අවම වශයෙන් යතුරුපැදි සඳහා අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය නොලැබීම යන කරුණු නිසා පාසල් පද්ධතිය කඩා වැටෙන ආකාරයක් ද දක්නට ලැබේ. එය සැබැවින්ම විශාල අර්බුදයකට හේතුවක් මෙන්ම නොසැලකිල්ලෙන් බැහැර නොකළ යුතු දැඩි සැලකිල්ලෙන් අවධානයට ගත යුතු තත්වයකි. ඒ පිළිබඳ විෂය භාර අමත්‍යංශය මෙන්ම ගුරු සංගම් ද අවධානය යොමු කර තිබේ. ඒ ගැන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, අමාත්‍යාංශ නිලධාරීන් සහ ගුරු සංගම් අතර අදහස් හුවමාරුවක්ද පසු ගියදා පැවැතුණි.
මේ තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන අතර පසුගිය දා ගුරු සංගම් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ වාතාවරණය සමහන් වන තුරු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. එහිදී එකඟතාවට පත්ව ඇත්තේ සිසු ගුරු ප්‍රවාහන ගැටලු විසදන ආකාරයේ එකඟතාවකට ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහ ගුරු සංගම් අතර එකඟතාවකට පැමිණ තිබේ. එහිදී මූලික අවධානය යොමුව තිබෙන්නේ ගුරුවරුනට සහ පාසල් සේවා වාහන සඳහා ඉන්ධන සහනාධාරයක් දීමට අවධානය යොමුව ඇති අතර මේ යෝජනා නුදුරේදීම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. පාසල් වෙත ඇතැම් සිසුන්ගේ පැමිණීම දුර්වල වීමට හේතු වී තිබෙන්නේ ප්‍රවාහන ගැටලු වන අතර එයට විකල්ප විසදුමක් ලෙස යෝජනා වී තිබෙන්නේ ආසන්නම පාසල වෙත දරුවා ඉගෙනුම සදහා යොමු කිරීමය. එමෙන්ම පාසල් කාල සටහනේ වෙනස්කම් යෝජනා කර ඇති අතර එහිදී ගුරුවරුනට එක් දිනක හෝ දින දෙකක නිවාඩුවක් ගත හැකි අතර එයට හේතුව බවට පත්ව තිබෙන්නේ ඇතිව තිබෙන ප්‍රවාහන දුෂ්කරතාය. මේ යෝජනා ක්‍රියාත්මක කළ හැකි ආකාරය සොයා බැලීම සඳහා ඇමැති ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙන අතර එම යෝජනා පිළිබඳ කමිටුවේ කටයුතු ඉදිරි සතියෙන් පසු ක්‍රියාත්මක වීමට සූදානම්ය. මේ පිළිබඳව අප අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහිදී මෙවැනි යෝජනාවලියක් ගැන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සදහන් කළේය. මේ ගැන අප ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතාගෙන් විමසුමක් කළෙමු. එහිදී ඔහු සඳහන් කළේ මෙවැන්නකි.
“මේ දිනවල සිසුන් වගේම ගුරුවරුනුත් පාසලට එන්නෙ දුෂ්කරතා රැසක් මැද්දෙයි. මේ වෙනකොට කොවිඩ් වසංගතය නිසා අවුරුදු දෙකක් ඉගෙනුමට පාඩු වුණා. දැන් ආර්ථික අර්බුදය නිසා නැවත පාසල් වෙත බලපෑම් එල්ල වෙලා. ගුරුවරුනට මෝටර් බයිසිකලයට තෙල් නෑ. පාසල් සේවා බස් එකට තෙල් නෑ. දරුවන්ට ඉස්කෝලෙ එන්න ක්‍රමයක් නැහැ. මව්පියෝ ආර්ථික අර්බුදය නිසා හෙම්බත් වෙලා. ඒ සියල්ල නිසා දරුවන්ට ඔවුන්ගේ ඉගෙනුමට ලොකු බලපෑමක් වෙලා. මේ ප්‍රශ්නවලට ඉක්මන් උත්තර ඕනෑ.අනාගත පරපුර එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒ ගැන අප ගුරු සංගම් විදිහට ඇමතිතුමා එක්ක සාකච්ඡා කළා, යෝජනා රැසක් ඉදිරිපත් වුණා. ඒවට දළ එකඟතා ඇති කර ගත්තා. ඒත්, ඒවා ක්‍රියාත්මක වීම සිදු වන්නේ අනාගතයේදී. අපි ගුරු සංගම් විදිහට දරුවන් ගුරුවරුන් ගැන ඔවුන්ගේ ගැටලු ගැන අවධානය යොමු කරනවා. මේක බරපතළ තත්ත්වයක්. දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් පාසලෙන් ඈත්වන බව පේනවා. ඒක නරක දෙයක්. ඇමැතිවරයාට අපේ පැත්තෙන් මේ ගැටලු පෙන්වා දුන්නා. ඔහු ඒවාට විසදුම් ලබා දෙන්න යම් කාලයක් ඉල්ලුවා. අපේ අදහස තමයි රජය ප්‍රමුඛ වැඩක් ලෙස සලකා බලා, පාසල් පද්ධතියේ ගැටලු විසදන්න ඕනෑ. දරුවන් පාසලෙන් ඉවත්වීම දුරස් වීමට ඇති ගැටලු හදුනා ගෙන ඉක්මන් පියවර ගන්නත් ඕනෑ.”
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)