දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…
– කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, මේජර් ජෙනරාල් මිලින්ද පිරීස්
දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යය ශක්තිමත් කිරීමට බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක් බවත් ඒ සඳහා දරුවන් යොමු කරන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, මේජර් ජෙනරාල් මිලින්ද පිරීස් මහතා පැවසීය.
අද වන විට දරුවන් විශාල පිරිසක් බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක්වෙමින් සිටින බව මාතර දිස්ත්‍රික්කයේ බාලදක්ෂ සංගමයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රධාන කොමසාරිස්වරයා කීවේය.
බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් කැප වී කටයුතු කරන බව පැවැසූ ඒ මහතා ඔවුන් සිදුකරන කාර්යය තමන් මහත් සේ අගයන බව කියා සිටියේය.
බාලදක්ෂ ව්‍යාපාරය නංවා ලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබෙන බවත් ඒ වෙනුවෙන්ට ඔවුන්ට බාලදක්ෂ ව්‍යාපාරයේ කෘත්‍යතාවය හිමි වන බවත් හෙතෙම පැවසීය.
ප්‍රධාන කොමසාරිස්වරයා දිසාවේ ප්‍රගතිය පිළිබඳ දිසා කොමසාරිස්වරයා ප්රමුඛ සහය දිසා කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කළ අතර, ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ උපදෙස් ලබා දුන්නේය.
ලෝකයේ රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයද ඉහළ තැනක තිබෙන බවත් එය තව තවත් ඉහළට ගෙන යෑමට ව්‍යාපාරය හා සම්බන්ධ සියලූ දෙනාගේ සහය අත්‍යවශ්‍ය බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ස්වේච්ඡා ව්‍යාපාරයක්. ඒ වගේම දරුවන් විශාල පිරිසක් එකට එකතු වී සිටින ලෝකයේම තිබෙන දැවැන්ත ව්‍යාපාරයක්. එම නිසා එහි කොටස්කරුවකු වෙන්න අපට අවස්ථාව ලැබීමත් අප ලැබූ මහත් භාග්‍යයක්. කොවිඩ් වයිරසයේදී පවා ඊට නොබියව මුහුණ දෙමින් මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න හැකිව තිබෙනවා. දරුවන් එකට රැස් කරන්න බැරි වුණත් නවීන තාක්ෂණ ක්‍රම යොදාගනිමින් බාලදක්ෂ ව්‍යාපාරය රැකගන්න අපේ සියලූම නායකයන් සමත්වෙලා තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපායට සමඟ එක් දවසක් හරි එකතු වූ දරුවෙක් කිසිම දවසක වැරදි වැඩක් කර තිබෙනවා කියා අප අසා නැහැ. පසුගිය කාලයේ ඇති වුණු කිසිඳු කැරැල්ලකදී ඊට අපේ කිසිවකු සම්බන්ධ වී නැහැ. මොකඳ මේ ව්‍යාපාරයෙන් කියා දෙන්නේ රටට වැඩක් ඇති, ගුණවත් මෙන්ම නැණවත් දරුවෙක් බිහි කරන්නේ කොහොම කියන එකයි. එම නිසා මා විශ්වාසය කරනවා, ඉදිරියේදීවත් එවැනි දේට අපේ ව්‍යාපාරය හා සම්බන්ධ කිසිවකු සම්බන්ධ නොවෙයි කියා.
මේ වන විට අප පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර, ඉතා හොඳින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා සෑම බාලදක්ෂ දිස්ත්‍රික්කයකින්ම විශාල සහ යෝගයක් ලැබෙනවා. එය තව තවත් අඛණ්ඩව ගෙන යන්න කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මාතර දිස්ත්‍රික්කයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න සහය දැක් වූ ඇක්සස් රියල් ස්ටේට් ආයතනයටද ප්‍රධාන කොමසාරිස්වරයා විදියට මගේ ස්තූතිය පිරිනමනවා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රගතිය බලද්දි එය සතුටු දායක තැනක තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා කැපවෙන දිසා කොමසාරිස්වරයා ප්රමුඛ සහය දිසා කොමසාරිස්වරුන්ට, බාලදක්ෂ ආචාර්යවරුන්ට, දරුවන්ට සහ මේ සඳහා සහයෝගය දෙන සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරනවා.
මේ වන විට විට මාතර දිස්ත්‍රික්කය තුළ සිටින සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක බාලක බාලිකාවන් සංඛ්‍යාව 5000 ඉක්මවා ලීමට තම අරමුණ බව දිසා කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මහතා මෙහිදී පැවසීය.
මේ අවස්ථාවට සහාය දිසා කොමසාරිස්වරු, කොමසාරිස්වරියෝ හා අනුබද්ධ ආයතන රැසක නිලධාරීහු සහභාගි වී සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)