දරුවන් සඳහා එන්නත්කරණය තවත් පුළුල් කෙරේ…
නිදන්ගත රෝගවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන ලබන මස 01 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි
ඉදිරියේදී තම පළාත තුළ නම් කරන ලද රෝහල්වලින් එම එන්නත අදාළ දරුවන් සඳහා ලබාගැනිමේ හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසයි
නිදන්ගත රෝග පවතින අවුරුදු 12ත් 19ත් අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම පසුගිය 24 වනදා රෝහල් කිහිපයකදී ආරම්භ කෙරුණි.
මේ වන විට එන්නත් මාත්‍රා 500ක් පමණ ළමුන්ට ලබා දී ඇති බව ද වාර්තා වෙයි
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)