දහම් පාසල් අවසාන විභාගය 13-14 දිනවල…
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය-2019 රට පුරා විභාග මධ්‍යස්ථාන 853කදී මේ මස 13 සහ 14 දිනවල පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. මේ සඳහා අයදුම්කරුවන් 122,100ක් පෙනී සිටීමට නියමිතය.
අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති අතර, එසේ නොලැබුණු අපේක්ෂකයකු වෙතොත් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධ විමසීම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග සංවිධාන ශාඛාවේ 0112785230, 0112786150 දුරකථන අංක ඇමතීමෙන් කළ හැකිය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)