දහම් පාසල් ගුරුවරියන්ට දේශීය නිෂ්පාදිත සාරි…
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
2020 වර්ෂය සඳහා බෞද්ධ දහම් පාසල් ගුරුවරියන් හට නිල ඇඳුම් ලෙස, දේශීය නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76000ක ප්‍රමාණයක් බෙදා දීමට විෂය භාර අමාත්‍යරයා ලෙස අග්රාමාත්යවයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පෙරේදා (02) දින රැස්වූ කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී තිබේ. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4 කි.
මේ වන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල් 11000කට අධික සංඛාවක ගුරුවරියන් 76000ක් පමණ සේවය කරනු ලබන අතර දිවයින පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරියන්ට නිල ඇඳුම් ප්රදානය කිරීම 2004 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කෙරේ.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)