දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ…
ක්‍රීඩා පාසල් වල ක්‍රීඩා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12 ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි
මේ අනුව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන පාසල් පහත පරිදි වේ
දික්වැල්ල විජිත විද්‍යාලය
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
පොලොන්නරුව රාජකීය විද්‍යාලය
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
අම්පාර ඩී.එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය
ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය
යාපනය මධ්‍ය මහා විද්‍යාලය
ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය
මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය
මන්නාරම මුරුන්ගන් මධ්‍ය මහා විද්‍යාලය
රත්මලාන හින්දු විද්‍යාලය
ශ්‍රි ලංකා යුද හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250 කි
මේ යටතේ ක්‍රීඩා පිටි සංවර්ධනය ,ක්‍රීඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම ,නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණුව ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)