දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්…
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාගය වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරඟ විභාගයක් සහ සම්මුණ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබාදීමට වසරකට ආසන්න කාලයක් ගත වන බවට නිරීක්ෂණය වී ඇතැයි රජය පවසයි.
ඒ අනුව දැනට දීර්ඝ කාලයක් ගුරු සේවයේ සුදුසුකම් ලත් අයට සහ සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් පිරිසට ද විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිය.
විදුහල්පති සේවයේ I, II හා III ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පවතී.
ඒ අනුව වත්මන් තත්ත්වයට පමණක් සීමා වන පරිදි ව්‍යුහගත පරීක්ෂණයක් තුළින් බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)